Tuesday, November 10, 2009

වැම්පයර් තාක්ෂණය පච්ච සමග එක් වීම කෙසේ වෙයිද?(Digital tatoo interfaces)

මගේ අතිජාත මිත්‍රයෙක් තමා අසේල කියන්නේ. මොනවා හරි වැදගත් දෙයක් ලැබුන ගමන්ම මට එවන එක උගේ පුරුද්දක්. මේකත් ඌගේ සොයා ගැනීමක් තමා.

මේක පච්ච කලාවට අලුතින්ම එකතු වෙන්න යන සංකල්පයක්.

මෙම නව සංකල්පයට අනුව කුඩා සිහින් ඉලෙක්ට්‍රොනික උපකර්නයක් ඔබේ අතේ සමට යටින් ඇතුලත් කරනු ලැබේ. මෙය රුධිර ගමනා ගමන පද්දතියට සමාන්තරව සවි කරන අතර රුධිරයේ ඇති ග්ලූකෝස් සහ ඔක්ෂිජන් ආධාරයෙන් උපකරනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි බලය ලබා ගනී.

එම බලය උපයෝගී කරගෙන සංකල්පිත උපකරනයේ ඇති "smart-pixel" වල වර්ණය වෙනස් කිරීම තුලින් විවිධ රූප මැවිය හැකි බවට ඔවුන් විශ්වාස කරනවා. එයටම සම්බන්ද කල ජංගම දුරකථන තාක්ෂණය සහ 3G තාක්ෂණයෙන් සජීවි වීඩියෝ දුරකතන සංවාදයක් පවා පවත්වා ගත හැකි බවට ඔවුන් මත පල කර තිබෙනවා.

වැඩි දුර පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන අතර නුදුරු අනාගතයේම මෙම තාක්ෂණය අප අතරට එනු ඇති බවට විෂ්වාස කරන්වා.



2 comments:

.::පිස්සා::. said...

it would be nice...

LazyOwl said...
This comment has been removed by the author.