Thursday, September 24, 2009

අඹ යහලුවෝ -- කටු අකුලේ මල් ඇහැරේ...........

කටු අකුලේ....මල් ඇහැරේ.....
රලු අහසේ .... තරු හිනැහේ........

කාලෙකට පස්සේ අද ටිකක් වේලාසනින් ගෙදර ආපු නිසා රූපවාහිනිය ඉස්සරහ ඉද ගත්තා. මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා ටි.වී එකේ ගියපු නාට්‍යක තේමා ගීයක් ඇහුනා.
මේකත් රොබින් හූඩ් වගේ තමයි. කොච්චර බැලුවත් , ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ ගීතය ඇහෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න බෑ.
මාව මගේ පුන්චි පාසල් කාලයට ගෙන යාමට සමත් වුනු මේ ගීතය ඔබවත් ගෙන යනවාදැයි බලන්න.







මෙන්න බලපු නොබලපු හැමෝටම සුබ ආරන්චියක්. මෙන්න මේ ලින්ක් එකේ ඔක්කෝම ටික තියෙනවා. එක වහලක් යට ඔක්කෝම ටික. ගොහිල්ලා බලන අය බලන්න. බා ගන්න අය බා ගන්න.... හා...හා...ඉක්මන් කොරන්න....අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියනවනේ.

Sunday, September 20, 2009

මේ කතාව මම මීට මාසෙකට විතර ඉස්සර වෙලා කිව්වා මතක ඇති නේ?. නැතිනම් මෙතනින් බලලාමපටන් ගන්නකෝ...

ඒ කතාවේ ඉන්න සමීරගේ තාත්තා අන්ත්‍රා වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙලා සමීර ආයෙත් ඉතාලි ගියා. සමීරගේ බිරිද මෙහේ නැවතුනා. මොකද තවමත් ඇයගේ තාත්තා ලෙඩ ඇදේ ඉන්න නිසා. පහු ගිය සෙනසුරාදා ආයෙත් ඇයට යන්න තිබුනත් යාමට ඇති නොහැකියාව නිසාම ඇය ගමන කල් දැමුවා.

අවාසනාවට එදිනට පසුව එනම් ඉරිදා (ඊයේ) ඇයගේ පියා ඇය ඉදිරිපිටම අවසන් සුසුම් හෙලුවා.

මේ කතාව මේ විදියට දුක් බරව නිමා වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. මම ඇත්තටම හිතුවේ මේ කතාව මීට වඩා හොද විදියකට නිමා වෙයි කියලා. නමුත් අපි හැමෝම ඇත්තට මුහුණ දෙන්න ඕන නේ...

දුක හිතෙන කතාවක් - 02

මේ කතාව මම මීට මාසෙකට විතර ඉස්සර වෙලා කිව්වා මතක ඇති නේ?. නැතිනම් මෙතනින් බලලාම පටන් ගන්නකෝ...

ඒ කතාවේ ඉන්න සමීරගේ තාත්තා අන්ත්‍රා වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙලා සමීර ආයෙත් ඉතාලි ගියා. සමීරගේ බිරිද මෙහේ නැවතුනා. මොකද තවමත් ඇයගේ තාත්තා ලෙඩ ඇදේ ඉන්න නිසා. පහු ගිය සෙනසුරාදා ආයෙත් ඇයට යන්න තිබුනත් යාමට ඇති නොහැකියාව නිසාම ඇය ගමන කල් දැමුවා.

අවාසනාවට එදිනට පසුව එනම් ඉරිදා (ඊයේ) ඇයගේ පියා ඇය ඉදිරිපිටම අවසන් සුසුම් හෙලුවා.

මේ කතාව මේ විදියට දුක් බරව නිමා වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. මම ඇත්තටම හිතුවේ මේ කතාව මීට වඩා හොද විදියකට නිමා වෙයි කියලා. නමුත් අපි හැමෝම ඇත්තට මුහුණ දෙන්න ඕන නේ...

Wednesday, September 16, 2009

චැනල් 4 සහ කොටි බොරුව

චැනල් 4 නාලිකාව පසුගිය දිනෙක විකාෂණය කරන ලද වීඩියෝ එක බොරුවක් බවට මේ වන විටත් තහවරු වී තිබෙනවා. අද මට ලැබුනු ඊ මේල් එකකට අනුව එහි ඔරිජිනල් වීඩියෝ එක සොයා ගෙන තිබෙනවා. රටට හිතැති සැවොම මෙය බලත්වා....

මම මේක ඇතුලත් කරන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඒත් බෑනේ. මෙන්න ලින්ක් එක. ගිහිල්ලාම බලන්නකෝ...

මේක හොයලා දුන්නේ අසේල. තෑන්ක්ස් මචන්...

Tuesday, September 15, 2009

ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල්....

දෙවියන්ට හැම තැනටම හැම වෙලාවෙම යන්න බැරි නිසා එතුමා විසින් අම්මා කියන චරිතය මැවූ බවට කතාවක් මම සෑහෙන කාලයකට ඉස්සරවෙලා අහලා තියෙනවා. ඒ කථාව මොන තරම් ඇත්තද?. මේ පින්තූරේ බලලාම හිතන්නකෝ.......

Monday, September 7, 2009

මගේ සෙනසුරා මාරු වෙයිද?

මේ දවස්වල බලන බලන හැම තැනම තියෙන්නේ සෙනසුරු මාරුව ගැන. අපේ ගෙදර අයත් ඉතින් මේ දවස්වල පන්සලේම තමා. අපි වෙනුවෙන් ඒ දෙන්න හැමදාම ගිහිල්ල බෝධි පූජා තියනවා. වැඩ රාජකාරි තිබුනේ නැතිනම් මමත් ඉතින් ඒකට සහභාගි වෙන්න නම් බොහොම කැමැත්තෙන් තමයි ඉන්නේ. වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මම සහ ගෙදර අනිත් අයත් සහභාගි වෙනවා.

මම මෙහෙම කිව්වාට මාව වැරදි විදියට නම් තේරුම් ගන්න එපා. ඇත්තටම සෙනසුරුට කරන්න පුලුවන් මොනවාද?. මම මේ දවස්වල සෙනසුරු සහ අනෙකුත් ග්‍රහ බලපෑම් ගැන හොයා බලමින් ඉන්නේ. ඔයාලා ලග ඒකට අදාලව මොනවා හරි තොරතුරු තියෙනවානම් මට එවන්න.

ඊ මේල්