Monday, September 7, 2009

මගේ සෙනසුරා මාරු වෙයිද?

මේ දවස්වල බලන බලන හැම තැනම තියෙන්නේ සෙනසුරු මාරුව ගැන. අපේ ගෙදර අයත් ඉතින් මේ දවස්වල පන්සලේම තමා. අපි වෙනුවෙන් ඒ දෙන්න හැමදාම ගිහිල්ල බෝධි පූජා තියනවා. වැඩ රාජකාරි තිබුනේ නැතිනම් මමත් ඉතින් ඒකට සහභාගි වෙන්න නම් බොහොම කැමැත්තෙන් තමයි ඉන්නේ. වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මම සහ ගෙදර අනිත් අයත් සහභාගි වෙනවා.

මම මෙහෙම කිව්වාට මාව වැරදි විදියට නම් තේරුම් ගන්න එපා. ඇත්තටම සෙනසුරුට කරන්න පුලුවන් මොනවාද?. මම මේ දවස්වල සෙනසුරු සහ අනෙකුත් ග්‍රහ බලපෑම් ගැන හොයා බලමින් ඉන්නේ. ඔයාලා ලග ඒකට අදාලව මොනවා හරි තොරතුරු තියෙනවානම් මට එවන්න.

ඊ මේල්

6 comments:

Anonymous said...

ලග්න ගොඩකට නම් හොදයි... සෙනසුරු බලපැම නිසා නොවැ විස්නු දෙවියොත් බට කොල කැවේ. ඔයාගේ ලග්නේ බලලාම තමයි පලා පල කියන්න වෙන්නේ....

ජීවන්ත said...

//ඇත්තටම සෙනසුරුට කරන්න පුලුවන් මොනවාද?

සෙනසුරුට පුළුවන් ශක්‍ර දෙයියටත් බටකොළ කවන්න! (මේ කතාව දන්නව ඇති කියල හිතනවා) හික්! හික්!

සහන් said...

මමත් බැලුවා බලනකොට සම්පත් කියල එකෙක්ගෙන් සෙනසුරුට අපලයිලු ඒකලු පොර මාරුවෙන්න හදන්නෙ
:-)

සම්පත් මුණසිංහ said...

අම්මට සිරි එහෙමද?. එහෙනම් ඌ මාරු වෙන එක මට නම් එච්චර හොද වෙන එකක් නම් නෑ. දැනටමත් ගොඩක් දේවල් හොයා ගත්තා. ලගදීම කියන්නම්කෝ....

Wisdom for All said...

වසර 30 කට පසු කන්‍යා රාශියේ අධිපතියා වන බුධ ග්‍රහයා සිය භවනේ සිටිමින් තම ගෙට අද දින (2009-09-09) රාත‍්‍රී 10.35ට කුලවදින සෙනසුරු පිළිගැනීමට සැරසෙන අද දවසේ ගිතෙල් පහනක් පත්තු කර ශනි ස්තෝත‍්‍රයක් ගායනා කොට මහා මෘතුංජය මන්ත‍්‍රය ගායනා කිරීමෙන් තමුනට බලපාන අනිටු ඵල දුරුකර ගැනීමෙන් ලබන්නා වූ වසර දෙකහමාරක කාලය (2011-11-14) ජීවිතයේ ස්වර්ණමය කාලයක් බවට පත් කර ගන්න.


ශනි ස්තෝත‍්‍රය

නීලාංජන සමාභාෂම් - රවි පුත‍්‍රං යමාග‍්‍රජං

ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරං



මහා මෘතුංජය මන්ත‍්‍රය

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ - සුගන්ධිං පුෂ්ඨි වර්ධනං

උර්වාරුකමිව බන්ධනාං - මෘත්‍යෝර් මුක්ක්‍ෂීය මාමෘතාත්


එම්. එම්. රෝහණ වසන්ත 0714161082/0755075182

Wisdom for All said...

සෙනසුරු කන්‍යා රාශි ගතවීම ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන හැටි
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන ආකාරය මෙසේය.

වැඩි විස්තර බලන්න ගොඩ වෙන්න මෙතැනට http://kendaralk.blogspot.com/2009/09/blog-post_09.html