Wednesday, June 29, 2011

පුලුවන් නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.......

ඔන්න ඔබතුමා ඔබේ කාරයේ සුව පහසු ලෙස ගමනක් යන ගමන් ඉන්නේ. ඔහොම යනකොට ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්නව තුන් දෙනෙක්. එක්කෙනෙක් වයසක කාන්තාවක්. ඒ කාන්තාවට ගොඩාක් අමාරුයි. දෙවෙනියා ඔබේ පරන යාලුවෙක්. ඒ කාලේ උද්ව්වකුත් ඔබට කරලා තියෙනවා. තුන් වෙනියා ඔබ තවමත් හීන දැක දැක ඉන්න ඔබේ අනාගත සිහින පෙම්වතිය.

ඔබේ කාරයේ තව එක්කෙනෙකුට පමනක් යාමට ඉඩ අවකාශ තියෙනවා. දැන් එහෙනම් ඔබ මොකද කරන්නේ?.

තමන්ගේ හදවතට තට්ටු කරලා හිතලා බලන්න ඔබට මේ වගේ අවස්තාවකට මුහුන දෙන්න උනොත් මොනාද කරන්නේ කියලා.

දෙතුන් පාරක්ම හිතලා බලලා මේ ටිකත් කියවන්න.

ඔබ වයසක කාන්තාවට උදව් කලොත් එය ජීවිතයක් බේරා ගත්තා වෙනවා. පරන යාලුවාට උදව් කලොත් එය උදව්වට ප්‍රති උදව්වක් වෙනවා. ඔබගේ සිහින කුමාරිකාවට උදව් කලොත් එයින් ඔබේ සිහිනය සැබෑ කර ගැනීමක් වෙන්නත් පුලුවන්.

ඔබ මොකද කරන්නේ?........

මම හිටියනම් මම කරන්නේ......

යතුර මගේ යාලුවට දීලා අර වයසක කාන්තාව ආරක්ෂිත තැනකට ගෙනියන්න කියලා මම මගේ සිහින කුමාරිකාවත් එක්ක බස් කට්ටක එල්ලිලා යනවා.....

ඔබ මොකද හිතුවේ?......

ජීවිතය සැහැල්ලුවෙන් සහ සන්තෝෂයෙන් ගෙවමු

ඔය හැමෝම දන්නවනේ ඉතින් ඇස්කිමෝවරු කියන්නේ කවුද කියල.ඔවුන් ඉතාමත්ම සතුටින් ජීවිතය ගත කරන ජීවිතය ඉතාමත්ම සැහැල්ලුවෙන් ගතකරන ජාතියක්. මේ ගැන ඉරිසියා කරපු අහල පහල (අපට ඉතින් හැමදාමත් වින කරන්නේ අහල පහල අයමනේ.) කට්ටියක් ඇස්කිමෝ එකෙක්ව කිඩ්නැප් කරගෙන කලු රෙද්දකින් වහලා සුදු වෑන් එකක දාගෙන ආවා කියමුකෝ.

ඔන්න ඉතින් කට්ටිය කලු රෙද්ද එහෙම අයින් කරාලු. අනේ මේ අහින්සකයා ඇස් දෙක ඇරලා බලනකොට මේ මුන් ටික මේකව ගෙනල්ලා තියෙන්නේ ලෝකාන්තෙට. ඊට පස්සේ අර සෙට් එකෙක් ඇහුවලු

"ජීවිතේ ප්‍රශ්න නෑ කිව්වට දැන් නම් උබට ප්‍රශ්නයක් වගේ නේ?"

අහපු එකා දිහා අනුකම්පාවෙන් බලපු අපේ යාලුවා කිව්වලු

"නෑ"

කියලා.

ඉතින් ඔන්න අරූට අම්බානෙක නැගලා.

"අඩෝ නෑ කියන්නේ කොහොමද?. ඔතනින් පැනලා මැරෙන්න විතරයි උබට තියෙන්නේ. දැන්වත් පිලිගනින් උබලට ප්‍රශ්න තියෙනවා කියල. එහෙම උනොත් අපි උබට යන්න දෙනවා"

පොඩි කින්ඩි හිනාවක් දාපු අපේ යාලුව කීවලු මෙහෙම.

ඔයාලා මාව මෙතනින් තල්ලු කලොත් මාව මැරෙයි. කවදා හිටියත් මට ඒක වෙනවා, ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෑ. මාව ගෙදර ඇරියොත් ඒත් මට ප්‍රශ්නයක් නෑ. මම තව ජීවත් වෙනවා සහ ඔයාලා පවෙන් ගැලවෙනවා.

අනේ මේ කතාව අහගෙන හිටපු කට්ටිය මෙයාව නිදහස් කරලා.

ඉතින් මේකෙන් හිතට ගන්න තියෙන්නේ......

කිසිම ප්‍රශ්නයකදි කලබල වෙන්න එපා. හැමදේම වෙන්නේ අපටයි කියලා හිත හදා ගෙන ජීවත් වෙන්න බලන්න ඕනා. මොනා හරි ප්‍රශ්නයක් උනා කියලා වස බොන එක නෙමේ කරන්න ඕනා.......

Tuesday, November 10, 2009

වැම්පයර් තාක්ෂණය පච්ච සමග එක් වීම කෙසේ වෙයිද?(Digital tatoo interfaces)

මගේ අතිජාත මිත්‍රයෙක් තමා අසේල කියන්නේ. මොනවා හරි වැදගත් දෙයක් ලැබුන ගමන්ම මට එවන එක උගේ පුරුද්දක්. මේකත් ඌගේ සොයා ගැනීමක් තමා.

මේක පච්ච කලාවට අලුතින්ම එකතු වෙන්න යන සංකල්පයක්.

මෙම නව සංකල්පයට අනුව කුඩා සිහින් ඉලෙක්ට්‍රොනික උපකර්නයක් ඔබේ අතේ සමට යටින් ඇතුලත් කරනු ලැබේ. මෙය රුධිර ගමනා ගමන පද්දතියට සමාන්තරව සවි කරන අතර රුධිරයේ ඇති ග්ලූකෝස් සහ ඔක්ෂිජන් ආධාරයෙන් උපකරනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි බලය ලබා ගනී.

එම බලය උපයෝගී කරගෙන සංකල්පිත උපකරනයේ ඇති "smart-pixel" වල වර්ණය වෙනස් කිරීම තුලින් විවිධ රූප මැවිය හැකි බවට ඔවුන් විශ්වාස කරනවා. එයටම සම්බන්ද කල ජංගම දුරකථන තාක්ෂණය සහ 3G තාක්ෂණයෙන් සජීවි වීඩියෝ දුරකතන සංවාදයක් පවා පවත්වා ගත හැකි බවට ඔවුන් මත පල කර තිබෙනවා.

වැඩි දුර පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන අතර නුදුරු අනාගතයේම මෙම තාක්ෂණය අප අතරට එනු ඇති බවට විෂ්වාස කරන්වා.



Friday, November 6, 2009

ජල සම්පත සුරකිමු

මේ වන විටත් ජල සම්පත සුරකීමේ විශාල අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. බොහෝ දුරට 2020 වර්ෂය වන විට ලෝක ජනගහනයෙන් 1/20 කට ජලය නොමැති වන බවට අනාවරණය කරගෙන තියෙනවා.

ඒ නිසා දැන්ම පටන්ම මෙම සම්පත ආරක්ෂා කර ගැනීම අපගේ යුතු කමක් වෙනවා.

Thursday, September 24, 2009

අඹ යහලුවෝ -- කටු අකුලේ මල් ඇහැරේ...........

කටු අකුලේ....මල් ඇහැරේ.....
රලු අහසේ .... තරු හිනැහේ........

කාලෙකට පස්සේ අද ටිකක් වේලාසනින් ගෙදර ආපු නිසා රූපවාහිනිය ඉස්සරහ ඉද ගත්තා. මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා ටි.වී එකේ ගියපු නාට්‍යක තේමා ගීයක් ඇහුනා.
මේකත් රොබින් හූඩ් වගේ තමයි. කොච්චර බැලුවත් , ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ ගීතය ඇහෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න බෑ.
මාව මගේ පුන්චි පාසල් කාලයට ගෙන යාමට සමත් වුනු මේ ගීතය ඔබවත් ගෙන යනවාදැයි බලන්න.







මෙන්න බලපු නොබලපු හැමෝටම සුබ ආරන්චියක්. මෙන්න මේ ලින්ක් එකේ ඔක්කෝම ටික තියෙනවා. එක වහලක් යට ඔක්කෝම ටික. ගොහිල්ලා බලන අය බලන්න. බා ගන්න අය බා ගන්න.... හා...හා...ඉක්මන් කොරන්න....අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියනවනේ.

Sunday, September 20, 2009

මේ කතාව මම මීට මාසෙකට විතර ඉස්සර වෙලා කිව්වා මතක ඇති නේ?. නැතිනම් මෙතනින් බලලාමපටන් ගන්නකෝ...

ඒ කතාවේ ඉන්න සමීරගේ තාත්තා අන්ත්‍රා වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙලා සමීර ආයෙත් ඉතාලි ගියා. සමීරගේ බිරිද මෙහේ නැවතුනා. මොකද තවමත් ඇයගේ තාත්තා ලෙඩ ඇදේ ඉන්න නිසා. පහු ගිය සෙනසුරාදා ආයෙත් ඇයට යන්න තිබුනත් යාමට ඇති නොහැකියාව නිසාම ඇය ගමන කල් දැමුවා.

අවාසනාවට එදිනට පසුව එනම් ඉරිදා (ඊයේ) ඇයගේ පියා ඇය ඉදිරිපිටම අවසන් සුසුම් හෙලුවා.

මේ කතාව මේ විදියට දුක් බරව නිමා වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. මම ඇත්තටම හිතුවේ මේ කතාව මීට වඩා හොද විදියකට නිමා වෙයි කියලා. නමුත් අපි හැමෝම ඇත්තට මුහුණ දෙන්න ඕන නේ...

දුක හිතෙන කතාවක් - 02

මේ කතාව මම මීට මාසෙකට විතර ඉස්සර වෙලා කිව්වා මතක ඇති නේ?. නැතිනම් මෙතනින් බලලාම පටන් ගන්නකෝ...

ඒ කතාවේ ඉන්න සමීරගේ තාත්තා අන්ත්‍රා වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙලා සමීර ආයෙත් ඉතාලි ගියා. සමීරගේ බිරිද මෙහේ නැවතුනා. මොකද තවමත් ඇයගේ තාත්තා ලෙඩ ඇදේ ඉන්න නිසා. පහු ගිය සෙනසුරාදා ආයෙත් ඇයට යන්න තිබුනත් යාමට ඇති නොහැකියාව නිසාම ඇය ගමන කල් දැමුවා.

අවාසනාවට එදිනට පසුව එනම් ඉරිදා (ඊයේ) ඇයගේ පියා ඇය ඉදිරිපිටම අවසන් සුසුම් හෙලුවා.

මේ කතාව මේ විදියට දුක් බරව නිමා වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. මම ඇත්තටම හිතුවේ මේ කතාව මීට වඩා හොද විදියකට නිමා වෙයි කියලා. නමුත් අපි හැමෝම ඇත්තට මුහුණ දෙන්න ඕන නේ...