Sunday, August 30, 2009

දුක හිතෙන කතාවක්……………

ඇත්තටම මේක වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. මේක ගැන හැමෝටම කියන්න කියලා හිතුනා. මොකද මේකෙන් අපිටත් ගන්න පුලුවන් දේවල් තියෙන නිසා. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම දැන් ඉන්නේ ඉතාලියේ. අපි ඒ දෙන්නාට කියමු සමීර සහ ක්‍රිෂාන්ති කියලා. ඒ දෙන්නාම ඉතාලියට ගිහින් රැකියාවක් කරමින් හිටියා. ක්‍රිෂාන්තිගේ අම්මත් තාත්තත් ගෙදර තනියම හිටියේ. දරුවන් ටිකක් හරි ඈත් උනාම දෙමව්පියන්ට සෑහෙන්න දුකක්, තනිකමක් , පාලුවක් දැනෙනවා නේ. මේ දෙන්නටත් මේක හොදින්ම දැනුනා. තාත්තට නම් ටිකක් මේක තදින්ම දැනුනා. මේ ගැන කල්පනා කරන්න කරන්න ඔහු දවසින් දවස දුර්වල වෙන්න පටන් ගත්තා. බෙහෙත් කොච්චර ගත්තත් මේක වලක්වාගන්න ටිකක් අමාරු වුනා. මේ ගැන නිකම්වත් පිට රට ඉන්න තම දරුවන්ට නොකියන්නට ඔවුන් දෙදෙනාම තීරනය කර තිබුනා. මොකද එහෙම කලොත් ඒක ඔවුන්ගේ ජීවිත වලට තදින්ම බලපාන බව ඔවුන් දැන හිටියා. දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන රට ගොස් සිටින තම දරුවන්ට තමන්ගේ දුකද කියා තවත් කරදර කිරීමට ඔවුන් මැලි කමක් දැක් වූවා.

මේ අතර නිතරම තම නිවසට දුරකථනයෙන් කත කරන ක්‍රිශාන්තීට නිවසේ තමාට නොකියනා යම් දෙයක් ඇති බව ඉවෙන් මෙන් වැටහුනා. අවසානයේදී කෙසේ හෝ අය සියලු දේ දැනගන්නවා. ඒ අනුව ඇයහ් හැකි ඉක්මනින් යලි නිවසට පැමිනීමට තීරනය කරනවා. දින දෙකක් යාමටත් පෙර ඇය නිවසට පැමිනෙන්නේ තම පියා ළගටම වී සිට යලිත් ඔහුව සනීප කර ගැනීමටයි. නිවසට පැමිනි මුල් දිනයේම සියලු අමාරුකම් අමතක කර ඇදට වී සිහි කල්පනාවකින් තොරව සිටි තම පියාව නාවා , සෝදා පවිත්‍ර කොට කවන්නට උත්සාහ කලද ඔහුට කෑමක් බීමක් ගැන වත් සිතන්නට තරම් හැකියාවක් නොමැති තරමටම ඔත්පලව සිටීය. ඒ අනුව නහයෙන් බටයක් ඇතුලත් කොට ආහාර ලබා දීමටද ඇය විසින් කටයුතු කලාය.

කටයුතු මෙසේ වෙද්දී සමීරගේ පියා ඇයව බැලීමට ඇයගේ නිවසට පැමිනීමට සූදානම් වූවේය. බස් එකක් අල්ල ගැනීමට පාරට පැමිනීමට තරමක් දුර වුවත් ත්‍රී වීලයක් සොය ගැනීමට නොහැකි වූ නිසා ප්යින්ම පැමිනීමට තීරනය කොට පැමිනීමට හැකි වූයේ මඩ දුරකි. ඵපුවේ කැක්කුමක් නිස ක්ලාන්තව බිම ඇද වැටිනි. විනාඩි 45ක් ගත වූවත් ඒ අසලින් ගිය එකෙකුවත් මේ ගැන සැලකිලිමත් වූයේ නැත්තේ ඇයුදැයි මටඩ පෘශ්නයකි. විනාඩි 45 කට පසුව රෝහල් ගත වන විටද වෙන්න තිබු ඩේ වී හමාරය. ඔහු මෙලොව හැර ගොස් තිබිනි.

මේ බව ඉතාලියේ සිටි සමීරට දන්වන්න ගිය වෙලාවේදී ඔහු මේ බව විෂ්වාස කලේම නැත. තම මාමන්ඩියගේ දුක සැප බලා ගැනීමට තම බිරිද ලන්කාවට එවූ ඔහුටද දින 5ක් ගත වීමටද මත්තෙන් ලන්කාවට පැමිනීමට සිදු වී ඇත. ඒ තම පියාගේ මල ගමට සහභාගී වීමටය.

මට හැගෙන ආකාරයට මෙමගින් අප හට උකහා ගත හැක්කේ මෙයයි. ඔබට ජීවිතය ලබා දී ජීවිතය හරි ගස්වා හරි මග කියා දුන් ඔබගේ මවට පියාට ඔබට හැකි උපරිමයෙන් උපකාර කරන්න. ඔවුන්ගේ අවසාන කාලයේ උපරිම සතුටෙන් තැබීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමට උත්සාහ කරන්න. ඔබට මෙලොවදීත් පරලොවට්දීත් සැප විදීමට මෙය හේතු සාධක වනු ඇත.

සුදාරකගේ කවිය සහ මම..........

ඔන්න මම ආයෙත් දුම් රියට බැස්සා. මෙච්චර දවසක් බස් එකේ ඔෆිස් ඇවිල්ලා එක පාරටම ට්‍රේන් එකේ යනකොට මරු ආතල් ඇති කියලයි හිතුවේ. අයියෝ මම මහ අපරාදයක් කර ගත්තේ කියලා හිතිච්ච වාර ගනන ගනන් කර ගන්නත් බැරි තරම්. කොහොම කොහොම හරි ඉතින් අමාරුවෙන් වැස්සේ තෙමි තෙමි ඇවිල්ලා පොර කාලා සීට් එකකුත් අල්ල ගත්තා. ඇස් දෙක පියාගෙන නිදාගන්න හැදුවත් බෑ …. බෑ…. නිදන්න දෙන්නෙම නෑ.

ඔන්න ඉතින් ඔහොම යනකොට යනකොට ඇහැට ප්‍රිය මනාප දේවල් දැක්කේ නැතුවත් නෙමෙයි. මට එක පාරටම සුදාරකගේ බස් එකේ යන ගමන් කියල ලියපු ලියමන මතක් උනා. ඉතින් මගේ ඇගේ කොහේ හරිත් ඔය කවිය කියන එක ගෑවිලාවත් තියෙනවාද කියලා බලන්නත් එක්ක කවි සන්කල්පනා පහල වේදෝ කියලා හිතුවා. හිතුවා ….හිතුවා….හිතුවා…. කොළඹ කොටුවට එනකන්ම මුකුත් නෑ. කොහොමද වැඩේ.

අනේ දෙයියන්ටවත් මම ගැන දුක හිතුනේ නැහැනේ. එක කවි පේලියක් වත් ලියා ගන්න බැරි උනානේ…. කමක් නෑ…කමක් නෑ… හිතේ අහිතක් කිලුටක් නෑ. හැකියාව කියන එක උපතින්ම එන්න ඔනේ. ඒක තමයි ලෝක ධර්මතාවය. ලොවින් එකෙක් එක් දෙයකය වෙයි සමත කියලා කියන්නේ කට කහනවට නෙමෙයි නේ…................

Thursday, August 20, 2009

දිසා සිල් ගත් හැටි

අද අපි කීප දෙනෙකුට හයි ෆයි ඉන්දියානු රෙස්ටොරන්ට් එකක දවල් කෑම වේලක් ලැබුනා. ඉතින් එතනට ගිහිල්ල කන්න ඉස්සරවෙලා ටිකක් වෙලා ඉන්න වෙනවානේ?. ඉතින් ඔතනට වෙලා ඉන්නකොට ලන්ච් රෙඩි වෙනකන් ඉතින් පොඩි චැට් එකක් දැම්මා. අපිත් එක්ක ගිය මගේ ෆුල් බොක්කක් උගේ පරන මතකයක් අවදි කලා. ඒ කතාව මතක් වෙන්න හේතුව මම අන්තිමටම කියන්නම්කෝ. ඔන්න උගේ භාෂාවෙන්ම කියවන්නකෝ.

ඒ මචන් මම පොඩි කාලේ අපි කීප දෙනෙක් සිල් ගන්න ගියා. අපි ඉතින් දානේ ගේනකන් බලාගෙන හිටියේ. ඔන්න ඉතින් වෙලාවත් ඇවිල්ල දානෙ බෙදන්න පටන් ගත්තා. මුලින්ම එක්කෙනෙක් පිගන් බෙදාගෙන එනවා. ඊට පස්සෙ බත් එක අරගෙන තව එක්කෙනෙක් එනවා. ඔය විදියට පෝලිමේ කට්ටිය ඉන්නවා. සිල් ගන්න ගියත් අපේ පවු නම් හේදෙන්නෙ නැහැ කියල මගේ හිත හැම තිස්සෙම කිය කියා හිටියේ. කරුමේ කියන්නෙ, මගේ ලගටම එනකොට පිගන් ඉවර උනා නේ. ලැජ්ජාවේ බෑ. මම හෙමිහිට අනිත් පැත්ත හැරිලා මගෙත් එක්ක ගියපු අනිත් එකාට කිව්ව මචන් කමින් කලර් ඉස් නෝ ගුඩ්. දුවමුද කියලා. ඌත් ටිකක් අප්සැට් එකේ හිටියෙ සීන් එක දැකලා. අම්මට සිරි ඌ මටත් වඩා බය වෙලා. ඌ අහනවා එහෙනම් අපි දුවමුද කියලා. ආයිත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව නැගිටලා සරමත් උස්සාගෙන දුවන්න පටන් ගත්තා. බණ ගෙයින් එලියට ඇවිල්ල පොඩි දුරක් යන්න උනෙත් නෑ මෙන්න බොලේ දානේ බෙදන්න ආපු කීප දෙනෙකුත් අපේ පස්සෙන් පන්නනවා. තව ටිකක් වේගේ වැඩි කරන කොටම ඒ අය කෑ ගහනවා මෙන්න මෙහෙම.

උපාසක මහත්තයෝ …..දුවන්න එපෝ….තව පිගන් තියෙනවා…ආපහු එන්නෝ…..කියලා

මොන ලැජ්ජාවක්ද අප්පා මේ උනේ?. ආයෙත් හැරිලා එන්න බැහැ නේ?. ගෙදරම ගිහිල්ලා කනව කියලා හිතාගෙන ගෙදරම ගියා.අනිත් එක පොඩි ලයින් එකකුත් වැඩ කර කර තිබ්බේ. ඒකත් ඉතින් එතනින්ම ඉවරයි.

මේ කථාව කියන්න වුනු හේතුව දැන් නම් තේරිලත් ඇති. මෙන්න මේකයි උනේ. අපි දෙන්න හිටියේ මේසේ අන්තිම කෙලවරේ. අදත් පිගන් බෙදාගෙන බෙදාගෙන අවිල්ල අපි දෙන්න ගාවට එනකොටම ගෙනාපු පිගන් ඉවර උනා. කතාව ඉවර වෙනකොටම අපිට පිගන් ගෙනල්ල තිබ්බා. නැතිනම් මටත් ඌත් එක්ක දුවන්න තමයි වෙන්නේ……..

Tuesday, August 18, 2009

දවසේ වැකිය - 2009 - 08 - 19

හදවතක් බිදී යාමට හේතු කාරනා බොහොමයක් තිබිය හැක. ආදරය නිසා හදවත බිදී ගිය කථා බොහොමයක් අපට අසන්නට ලැබී තිබේ. නමුත් ඇත්තටම හදවතක් බිදී යාමට හේතු වන්නේ හදවත දකින සිහින වලින් ඈත් වන විටයි.




පර්ල් එස් බක් -
Pearl S. Buck, 06/26/1892 - 03/06/1973

Monday, August 17, 2009

ඩෙල් සහ ඇන්ඩ්‍රොයිඩ් අතිනත ගැනීම...

ලොව ප්‍රචලිත ඩෙල් සමාගම තමන්ගේ නවතම ජන්ගම දුරකතනය චීන වෙලදපොලට හදුන්වා දෙන බව පසුගියදා ප්‍රකාශ කලා. මෙය වෙළද පොළ ඉතා ඉක්මනින් ආක්‍රමණය කරන බවට දැනටමත් බොහෝ දෙනෙක් අනාවැකි පලකරනවා. මිනි 3ඉ ලෙස නම් කර ඇති මෙය චීන වෙළද පොලට පමනක් මුලින් හදුන්වා දී පසුව ලොව පුරා බෙදා හැරීමට ඔවුන් තීරනය කර තිබෙනවා.
අගල් 3.5 ක ස්පර්ෂ සන්වේදී තිරයකින් සමන්විත මෙහි 360* 640 resolution ඇත. මේ වන විට වෙලදපොලේ ඇති ඇපල් i ෆෝන් එකේ ඇත්තේද 320 * 480 resolution පමනි. 3.2 මෙගා පික්සෙල් කැමරාවකින් සමන්විත මෙහි ෆ්ලෑෂරයක්ද අඩන්ගු කරතිබෙනවා. බ්ලූටූත් , USB සහ microSD තාක්ෂණ්යන්ද මෙහි අඩන්ගු වෙනවා.







ලෝකයේ වේගවත්ම මිනිසා.......

අද උදේ පාන්දරම නිවුස් වලට කියපු කථාවක් මේ දැන් එක පාරටම මතක් උන නිසා මට හිතුනා මේ ගැන ඔය ගොල්ලන්ටත් ටිකක් කියන්න. නිවුස් එක තමයි මීටර් 100 තරගයේ මෙතෙක් තිබුනු වාර්තාව අභිභවා ගිහිල්ලා කියන එක. හොදම දේ තමයි ඔහු විසින් අභිභවා ගියේ ඔහු විසින්ම තබන ලද වාර්තාවක් වීමයි. ඒ අනුව ඔහු පරන වාර්තාව කඩා බිද දැමුවේ තත්පර 0.11 ක පරතරයක් තබමිනි.අපි බලමු මේ කවුද කියලා.

ඉතා කුඩා නගරයක් වන් ට්‍රෙලව්නි හි උපත ලද මොහුට සහෝදරයෙක් සහ සහොදරියක් සිටී. ප්‍රාථමික අධ්‍යාපනය සදහා පාසැලට ඇතුලත් වූ බෝල්ට් අවුරුදු 12 හිදී පාසැලේ දක්ෂතම කෙටි දුර ධාවකයා බවට පත් විය. ඔහුගේ දක්ෂතාවය හදුනාගත් අගමැති විසින් ඔහුව ක්‍රීඩා තාක්ෂන පීඨයට ඇතුලත් කල අතර ඒ වන විටත් ඇමරිකාව පුරාම ප්‍රසිද්ද් ක්‍රීඩකයකු විය. ඒ වන විට ඔහු ඇමරිකාවේ පැවති තරග කිහිපයක හා ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග වලදී හොදින් දක්ෂතා පෙන්වා පදක්කාම් බොහොමයක් දිනා ගෙන තිබිනි. අවුරුදු 15 දී අඩි 6 යි අගල් 5 ක උසක් හිමි වූ බෝල්ට් 2002 දී පැවති ලෝක කනිෂ්ඨ තරගවලියේදී මීටර් 200 සදහා හොදම කාලය වාර්තා කල ඔහු 100*4 හ 400*4 තරග වලින්ද ජයග්‍රහනය කරන ලදී. මීටර් 200 තරගය සදහා ලෝකයේ මෙතෙක් බිහි වූ ලාබාලතම රන් පදක්කම් ලාබියා වන්නේද ඔහුය.
එතැන් පටන් දිගින් දිගටම තරග ජයග්‍රහනය කල බෝල්ට් 2004 ඇතැන්ස් ඔලිම්පික් තරගයට සහභාගී වීමට නියමිතව තිබුමුත් හදිසියේ ඇති වූ පාදයේ ආබාදයක් නිසා ඔහුට එම අදහස අතහැර දැමීමට සිදු විය.නමුත් 2008 බීජින් ඔලිම්පික් හිදී මීටර් 100 , 200 ,100*4 තරග 3 ම ලෝක වාර්තා සමග රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මේ වන විට පහත දැකිවෙන තිලින ලබා ගෙනද ඇත.

Jamaica Sportsman of the Year - 2008
CAC Male Athlete of the Year - 2008
Men's Track & Field Athlete of the Year - 2008
IAAF World Athlete of the Year - 2008
Laureus World Sportsman of the Year - 2008
Men's season's best performance, 200 meters - 2008









මෙන්න මේ දවස්වල හිට් වෙන අලුත්ම ෆිල්ම් එක - District -9

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් අධ්‍යක්ෂණය කරපු පීටර් ජැක්සන්ගේ අලුත්ම ෆිල්ම් එක තමයි (district - 9). අලුත් අලුත් දේ බලන්න තියෙන උන හින්දම පොඩ්ඩක් හොයල බැලුවා. තියෙන ප්‍රතිචාර අනුව නම් සිරාම මූවි එකක් වගේ. අගෝස්තු 14 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කලේ. දැනට මේක තමයි හිට් වෙන හොදම එක. මම නම් තවම මේක බැලුවේ නැහැ. මම ෆොටෝස් ටිකක් එක්ක ඔන් ලයින් බලන්න පුලුවන් ට්‍රේලර් එකක් හොයා ගත්තා. ඔයාලට බලන්න පුලුවන්.

මම බලපු ගමන් මේ ගැන වැඩි විස්තර කියන්නම්. කවුරු හරි මට ඉස්සරවෙලා බැලුවොත් අනිත් අය ගැන හිතල ඒ ගැන මෙතන comment එකක් විදියට දැම්මට කවුරුවත් තරහා වෙන එකක් නැහැ.

මෙතනින් බලන්න










මෙන්න පින්තූර




Sunday, August 16, 2009

අද දවසේ වැකිය

විවේචනාත්මක වීම නිවැරදිවීමට වඩා ඉතාමත්ම පහසුයි.



Benjamin Disraeli,(12/21/1804 - 04/19/1881)
බ්‍රිතාන්‍ය ලේඛක

----------------------------------------------------------------------

Friday, August 14, 2009

හිතට යමක්......

අද අන්තර්ජාලයේ සැරිසරන අතරේ කොකා කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විසින් කියනා ලද හොද කථාවක් දැක්ක නිසා ඔයාලා වෙනුවෙන් ඒකේ පරිවර්තනය මෙසේ පලකර්න්න හිතුනා..
මෙන්න මෙහෙමයි කථාව.
මොහොතකට හිතන්න ඔබ විජ්ජාකාරයෙක් කියලා..ඔබ අතේ බෝල 5ක් තියෙනවා. මේ බෝල පහ තමයි රැකියාව , පවුල , ශරීර සුවතාවය , මිතුරන් , උනන්දුව. ඔබට මේ සියල්ල අවකාශයේ තබා ගැනීමට සිදුවනවා.
ඉතා ඉක්මනින් ඔබට හැගෙයි ,රැකියාව කියන්නේ රබර් බෝලයක් කියලා. මොකද රැකියාව එහෙමත් නැතිනම් කරන්න තියෙන රාජකාරි. කොච්චර අතහැරියත් නැවත නැවත ලගට එනවා.නැවත නැවත කරන්න පුලුවන්.හරියට රබර් බොලේ බිම වැදිලා උඩ එනවා වගේ..
නමුත් අනිත් හැම බෝලයක්ම හැදිලා තියෙන්නේ වීදුරු වලින්. එකක් හරි අතහැරුනොත් බිදෙන්න, සීරෙන්න , කුඩුවෙන්න පුලුවන්. නරකම දේ තමයි නැවත මුල් තත්වයට ගන්න බැරි වීම. ඔබ සැම මේක හොදින් තේරුම් ගත යුතු අතර මෙම සාධක 5 සමබර කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගත යුතුය.

Wednesday, August 12, 2009

මොකක්ද මේ ෆේස්බුක් ලයිට් කියන්නෙ?.

ෆේස්බුක් කියන්නෙ දැනට ලෝකයේ තියෙන ලොකුම සමාජ ජාලය කිව්වොත් වැරැද්දක් නැහැ. මොකද දැනටමත් එහි සාමජිකයන් ගනන මිලියන 250 ක් වන නිසා. මේ දවස්වල ගොඩාක් දෙනා අන්තර්ජාලයේ


හොයන දේ තමයි මොකක්ද මේ ෆේස්බුක් ලයිට් කියන්නෙ කියලා. ඉතින් මටත් හිතුනා මේ ගැන ටිකක් හොයල බලන්න. ගොඩාක් දෙනෙක් කිව්වේ ෆේස්බුක් එක මේ කරන්න යන දේ මොකක් උනත්


ඒක ඔවුන්ගෙ ප්‍රධාන තරගකරුවකු වන ට්විටර්ට එරෙහිව කරන දෙයක් කියලයි.


නමුත් අන්තිමට බැලුවම ඒ අය කරන්න යන්නෙ එහෙම දෙයක් නෙමෙයි. හරිම හොද දෙයක්. ලෝකේ හැමෝටම ඉතින් වේගවත් අන්තර්ජාල පහසුකම් නැහැනේ...අඩු වේග ධාරිතාවයක් තියෙන


සාමජිකයින් හා අළුතෙන්ම මෙයට එකතු වෙන අය සදහාම ඉතාම සරල සහ පහසු මුහුනතක් හැදීම තමයි මේ අයගේ බලපොරොත්තුව. නියමයි නේ?.


හැමදාම වගේ මේක ටෙස්ට් කරන්න කියල ගොඩාක් අයට දැන්වුවාට මොකද කියපු වෙලාවට මේ අයට වැඩේ කර ගන්න බැරි වෙලා තියෙනව. ඉතින් කියපු වෙලාවට ටෙස්ට් කරන්න ගියපු ඔක්කෝටම හැරිලා එන්න වෙලා තියෙනවා.


ඒකයි මේ දවස්ස්වල ගොඩාක් දෙනෙක් මේ ලයිට් ගැන හොයන්නේ.


ඕනේනම් ගිහින් බලන්න.

Tuesday, August 11, 2009

දවසේ කියමන...(thoughts of the day)

ඔබ බිය විය යුත්තේ හෙමින් හෙමින් නැගිටීමට නොව, නිකන් සිටීමටයි.

-- චීන කථාවකින් --



ඔබගේ මනස නිවැරදිව නොදකින විට ඔබට ඔබේ දෘෂ්ඨිය මත යැපීමට නොහැක.

--මාර්ක් ට්වේන් --

අපේ රට ලෝකයේ 22 වන තැනට

ලන්ඩනයේ නිව් එකොනොමික් ෆවුන්ඩේෂන් එකේ නවතම ගනනය කිරීම් වලට අනුව අපේ රට ලොකයේ ජීවත් වීමට සුදුසුම රටවල් අතරින් 22 වන තැනට පත් වී ඇත. ඒ අනුව මුල් රටවල් කිහිපය පහත දක්වා ඇත.

1. කොස්ට රිකා
2. ඩොමිනික් රිපබ්ලික්
3. ජැමෙයිකාව
4. ගෝතමාලා
5. වියට්නාමය
6. කොලොම්බියාව
7. කියුබාව
8. එල් සැල්වඩොර්
9. බ්‍රසීලය
10. හොන්දුරස්
11. නිකර්ගුවා
12. ඊජිප්තුව
13. සවුදි අරාබිය
14. පිලිපීනය
15. ආජන්ටිනාව
16. ඉන්දුනීසියාව
17. භූතනය
18. පැනමාව
19. ලාඔස්
20. චීනය
21. මොරොක්කොව
22. ශ්‍රී ලන්කාව
23. මෙක්සිකොව
24. පකිස්තානය



අප රට දකුනු ආසියාවේ දෙවන ස්ථානයේ සිටින අතර දකුනු ආසියාව ලොකයේ 6 වන තැනට පත් වී තිබේ.

ජීවන සන්තෘප්තිය , ජීවන අපේක්ෂාව , සතුටුදායක ජීවිත කාලය , පාරිසරික තත්වය යන කරුනු මුල් කරගෙන මෙම ගනනය කිරීම් කර තිබේ.

මෙමගින් අප රටේ සන්චාරක කර්මාන්තය සහ විදේශ ආයොජකයන්ගේ වැඩි වීමක් බලපොරොත්තු විය හැක.

මෙන්න අලුත් ගැජට් එකක්......

අලුත් අලුත් තාක්ෂනික මෙවලම් ගැන උනන්ඩුවෙන් ඉන්නා අය වෙනුවෙන් මේ ගැන චුට්ටක් කියන්න හිතුනා. ස්ටීල්ත් පරිඝනක නිෂ්පාදන ආයතනය ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වෙලදපොලට නිකුත් කරලා. ඒක හදුන්වා තියෙන්නේ 2000 යන නමින්.

මෙකේ තියෙන විශේෂත්වය තමයි මේක සමාන්‍ය ලැප්ටොප් එකක සිට ටැබ්ලට් පරිඝනකයකට මාරු කල හැකි වීම. ඉතා රළු තත්වයන්ට ඔරොත්තු දීමේ ඉතා හැකියාවකින්ද යුක්ත වෙනවා. නිෂ්පාදකවරු කියනා විදියට මෙම පරිඝනකය හමුදාමය සම්මතයන්ට අදාලව නිෂ්පාදනය කර තිබෙනවා. විශේෂයෙන් දූවිලි , වතුර සහ ගැස්සීම් වලට හොදින් ඔරොත්තු දෙනවා. ඉතා තද ඉර එලියෙදිත් හොදින් නැරඹිය හැකි තිරයකින් යුක්ත වන මෙහි තිරය ඇගිලි වලට සහ එහි ඉන්පුට් පෙන් එකටත් සන්වේදිතාවය දක්වනවා. යතුරු පුවරුව රහිතව මෙය භාවිතා කිරීමේ හැකියාව මෙය සතු වෙනවා.

ඉතා රළු පරිසරයක වැඩ කරන ඔඹට ඉතාමත් සුදුසු වන මෙහි හාර්ඩ් ඩිස්ක් එක එහෙම නැතිනම් දෘඩ තැටිය ෂොක් මවුන්ටඩ් එහෙමත් නැතිනම් කම්පන වලට ඔරොත්තු දෙන විදියට සවි කර තිබෙනවා.

මෙන්න මේවා වලින් සමන්විතයි.

1. ජන්ගම උපාන්ගයකි
2. ක්ෂණික මාරුව(නොට්බුක් සිට ටැබ්ලට් සහ අනිත් පැත්තට )
3. අගල් 13.3 පැහැදිලි තිරය. (ඉතා රලු ඉර එලියෙදීත් පැහැදිලි දර්ශන )
4. ස්පර්ෂ සන්වේදනය හා පෙන් භාවිතය
5. රාත්‍රියේදීත් භාවිතා කල හැකි යතුරු පුවරුව
6. ඇගිලි සටහන් හදුනා ගැනීමේ හැකියාව
7. කම්පන වලට ඔරොත්තු දෙන ගැලවිය හැකි දෘඩ ඩිස්කය

වැඩි විස්තර ඔනේ නම් මෙන්න
මෙතන ක්ලික් කරන්න.

හැබැයි ලොකුම ප්‍රශ්නය තමයි දැන් කියන්න යන්නේ. කීයද මේකෙ මිල?. මේක දැනට නම් ඇ.ඩො. 4895 ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 4,89,500.00 ක් විතර.

ඔන්න මම ඒකේ ෆොටෝ ටිකකුත් එකතු කලා.






අලුත් හින්දි චිත්‍රපටියක්... - ලව් ආජ් කාල්

"ලව් ආජ් කාල්" එහෙමත් නැතිනම් "අද කාලයේ ආදරය" කියන්නේ මේ දිනවල ලෝකය පුරාම තිරගතවන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්. සුපිරි නලු නිලියන් රගන මෙහි සායිෆ් අලි කාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. මෙය ඉම්තියාස් අලිගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙය ඔහුගේ තෙවන අධ්‍යක්ෂණය වේ.

ජේ(සයිෆ්) සහ මීරා(දීපිකා) ලන්ඩන් වල අධ්‍යාපනය හදාරන අතර අවුරුදු දෙකක් අවසානයේ මීරා නැවත ඉන්දියාවට පැමිනෙන්නේ ඉතා පුරාන ගොඩනැගිල්ලක ප්‍රතිසන්ස්කරන කටයුත්තකට සහභාගී වීමටයි. ඒ අතර ජේ එහිම නතර වන්නේ ඔහුගේ සිහින රැකියාව වන ගෝල්ඩන් ගේට් හි රැකියාවක් ලබා ගැනීමටයි. වෙන්වීමෙන් පසු අන්තර්ජාලය හරහා සහ දුරකතනයෙන් සබදතාවය පවතවාගෙන යාමට කතා කර ගන්නවා. මෙම සිදුවීම ඔවුන් දෙදෙනා සිටින ආපන ශාලා අයිතිකරු හොදින් බලා සිටිනවා. ඔහු විසින් යම් යම් දේ ජේ ට තේරුම් කර දීමට උත්සාහ කලත් ජේ විසින් එය එතරම් තැකීමක් කරන්නේ නැහැ.ඉන් පසු ඔහු ඔහුගේ අතීත ආදර කතන්දරය දිග හරිනවා. එතැන් පටන් මෙම ආදර කථා දෙක ඔස්සේ මෙම කථාන්දරය ගලා යන්න පටන් ගන්නවා.

"ජබ් වී මෙට්" චිත්‍රපටයට පසු එයට ගොඩාක් වෙනස් තවත් ආදර කතාවක් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මානය කර තිබෙනවා. මුල් විනාඩි 10 ය ඇතුලත ඔවුන් දෙදෙනා හදුන්වා දී ඔවුන්ගේ චරිත ගැන කෙටි හැදින්වීමක් කරනවා. පසුව ඉතාම දක්ෂ ලෙස ආකර්ෂනීය ලෙස නිර්මානය කර තිබෙනවා.
ආදර කථා වලට ආදරය කරන කැමති ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය ණම් කරන්න පුලුවන්. මෙය බොහෝ සම්මන වලට පාත්‍ර වන බවට දැනටමත් බොහො අනාවැකි පලවී තිබෙනව.

Watch Love Aaj Kal (2009) නැරඹිමට මෙතන ඔබන්න.!

එහෙම නැතිනම් මෙතන ඔඹන්න.








Monday, August 10, 2009

ඌව සහ උතුරු පලාත් සභා ඡන්ද ඉවරයි.

ඌව සහ උතුරු පලාත් සභා මැතිවරනයත් ඉවරයි. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.මෙන්න මෙහෙමයි විස්තර

ඌව පලාතේ දිස්ත්‍රික්ක දෙකක් සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක දෙකක් වේ. බදුල්ල හා මොනරාගල ඌව පලාතට අයත් වන අතර යාපනය සහ වව්නියාව උතුරු පලාතට අයත් වේ. බදුල්ලෙන් 21 ක් මොනරාගලින් 11 ක් යාපනයෙන් 23 ක් වව්නියාවෙන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබින.ඒ අනුව ඌව පලාත් සභාවට 32 ක් , යාපනය මහ නගර සභාවට 23 ක් සහ වව්නියාව නගර සභාවට 11 ක් ආසන ඇත.

අවසානයේ සමස්තයක් ලෙස ගත් විට එක්සත් නිදහස් සන්ධානය ජයග්‍රහනය කරන ලදී. ඒ අනුව ඌව පලාත් සභාවෙන් ආසන 25 ක් දිනා ගත් අතර එය 72.39% ක ප්‍රතිශතයකි. එක්සත් ජාතික පක්ෂය ආසන 7 ක් දිනා ගත් අතර එය 22.32% ක ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුන හා කදුරට ජනතා පෙරමුන ආසන 1 බැගින් ලබා ගෙන ඇත.

යාපනය මහ නගර සභාවෙන් ආසන 13 ක් දිනා ගැනීමට එක්සත් නිදහස් සන්ධානය සමත් වූ අතර එය 50.67 % ක ප්‍රතිශතයකි.ඉලන්කෙයි තමිල් අරසු කඩ්ජි පක්ෂය ආසන 8ක් දිනා ගත් අතර දෙමල එක්සත් විමුක්ති පෙරමුන සහ නිදහස් කණ්ඩායම් 01 ආසන එක බැගින් දිනා ගන්නා ලදී.

වව්නියාව නගර සභාවෙන් ඉලන්කෙයි තමිල් අරසු කඩ්ජි පක්ෂය ආසන 05 ක් දිනා ගත් අතර එය 34.81% ක ප්‍රතිශතයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුන ආසන 03 ක් එක්සත් ජනත නිදහස් පෙරමුන ආසන 02 ක් සහ මුස්ලිම් කොන්ග්‍රසය 01 ආසනයක් දිනා ගන්නා ලදී.