Friday, August 14, 2009

හිතට යමක්......

අද අන්තර්ජාලයේ සැරිසරන අතරේ කොකා කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විසින් කියනා ලද හොද කථාවක් දැක්ක නිසා ඔයාලා වෙනුවෙන් ඒකේ පරිවර්තනය මෙසේ පලකර්න්න හිතුනා..
මෙන්න මෙහෙමයි කථාව.
මොහොතකට හිතන්න ඔබ විජ්ජාකාරයෙක් කියලා..ඔබ අතේ බෝල 5ක් තියෙනවා. මේ බෝල පහ තමයි රැකියාව , පවුල , ශරීර සුවතාවය , මිතුරන් , උනන්දුව. ඔබට මේ සියල්ල අවකාශයේ තබා ගැනීමට සිදුවනවා.
ඉතා ඉක්මනින් ඔබට හැගෙයි ,රැකියාව කියන්නේ රබර් බෝලයක් කියලා. මොකද රැකියාව එහෙමත් නැතිනම් කරන්න තියෙන රාජකාරි. කොච්චර අතහැරියත් නැවත නැවත ලගට එනවා.නැවත නැවත කරන්න පුලුවන්.හරියට රබර් බොලේ බිම වැදිලා උඩ එනවා වගේ..
නමුත් අනිත් හැම බෝලයක්ම හැදිලා තියෙන්නේ වීදුරු වලින්. එකක් හරි අතහැරුනොත් බිදෙන්න, සීරෙන්න , කුඩුවෙන්න පුලුවන්. නරකම දේ තමයි නැවත මුල් තත්වයට ගන්න බැරි වීම. ඔබ සැම මේක හොදින් තේරුම් ගත යුතු අතර මෙම සාධක 5 සමබර කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගත යුතුය.

2 comments:

Anonymous said...

hmmm katawa attha

Unknown said...

ඒකනේ කියන්නේ....