Monday, August 10, 2009

ඌව සහ උතුරු පලාත් සභා ඡන්ද ඉවරයි.

ඌව සහ උතුරු පලාත් සභා මැතිවරනයත් ඉවරයි. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.මෙන්න මෙහෙමයි විස්තර

ඌව පලාතේ දිස්ත්‍රික්ක දෙකක් සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක දෙකක් වේ. බදුල්ල හා මොනරාගල ඌව පලාතට අයත් වන අතර යාපනය සහ වව්නියාව උතුරු පලාතට අයත් වේ. බදුල්ලෙන් 21 ක් මොනරාගලින් 11 ක් යාපනයෙන් 23 ක් වව්නියාවෙන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබින.ඒ අනුව ඌව පලාත් සභාවට 32 ක් , යාපනය මහ නගර සභාවට 23 ක් සහ වව්නියාව නගර සභාවට 11 ක් ආසන ඇත.

අවසානයේ සමස්තයක් ලෙස ගත් විට එක්සත් නිදහස් සන්ධානය ජයග්‍රහනය කරන ලදී. ඒ අනුව ඌව පලාත් සභාවෙන් ආසන 25 ක් දිනා ගත් අතර එය 72.39% ක ප්‍රතිශතයකි. එක්සත් ජාතික පක්ෂය ආසන 7 ක් දිනා ගත් අතර එය 22.32% ක ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුන හා කදුරට ජනතා පෙරමුන ආසන 1 බැගින් ලබා ගෙන ඇත.

යාපනය මහ නගර සභාවෙන් ආසන 13 ක් දිනා ගැනීමට එක්සත් නිදහස් සන්ධානය සමත් වූ අතර එය 50.67 % ක ප්‍රතිශතයකි.ඉලන්කෙයි තමිල් අරසු කඩ්ජි පක්ෂය ආසන 8ක් දිනා ගත් අතර දෙමල එක්සත් විමුක්ති පෙරමුන සහ නිදහස් කණ්ඩායම් 01 ආසන එක බැගින් දිනා ගන්නා ලදී.

වව්නියාව නගර සභාවෙන් ඉලන්කෙයි තමිල් අරසු කඩ්ජි පක්ෂය ආසන 05 ක් දිනා ගත් අතර එය 34.81% ක ප්‍රතිශතයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුන ආසන 03 ක් එක්සත් ජනත නිදහස් පෙරමුන ආසන 02 ක් සහ මුස්ලිම් කොන්ග්‍රසය 01 ආසනයක් දිනා ගන්නා ලදී.

No comments: