Wednesday, August 12, 2009

මොකක්ද මේ ෆේස්බුක් ලයිට් කියන්නෙ?.

ෆේස්බුක් කියන්නෙ දැනට ලෝකයේ තියෙන ලොකුම සමාජ ජාලය කිව්වොත් වැරැද්දක් නැහැ. මොකද දැනටමත් එහි සාමජිකයන් ගනන මිලියන 250 ක් වන නිසා. මේ දවස්වල ගොඩාක් දෙනා අන්තර්ජාලයේ


හොයන දේ තමයි මොකක්ද මේ ෆේස්බුක් ලයිට් කියන්නෙ කියලා. ඉතින් මටත් හිතුනා මේ ගැන ටිකක් හොයල බලන්න. ගොඩාක් දෙනෙක් කිව්වේ ෆේස්බුක් එක මේ කරන්න යන දේ මොකක් උනත්


ඒක ඔවුන්ගෙ ප්‍රධාන තරගකරුවකු වන ට්විටර්ට එරෙහිව කරන දෙයක් කියලයි.


නමුත් අන්තිමට බැලුවම ඒ අය කරන්න යන්නෙ එහෙම දෙයක් නෙමෙයි. හරිම හොද දෙයක්. ලෝකේ හැමෝටම ඉතින් වේගවත් අන්තර්ජාල පහසුකම් නැහැනේ...අඩු වේග ධාරිතාවයක් තියෙන


සාමජිකයින් හා අළුතෙන්ම මෙයට එකතු වෙන අය සදහාම ඉතාම සරල සහ පහසු මුහුනතක් හැදීම තමයි මේ අයගේ බලපොරොත්තුව. නියමයි නේ?.


හැමදාම වගේ මේක ටෙස්ට් කරන්න කියල ගොඩාක් අයට දැන්වුවාට මොකද කියපු වෙලාවට මේ අයට වැඩේ කර ගන්න බැරි වෙලා තියෙනව. ඉතින් කියපු වෙලාවට ටෙස්ට් කරන්න ගියපු ඔක්කෝටම හැරිලා එන්න වෙලා තියෙනවා.


ඒකයි මේ දවස්ස්වල ගොඩාක් දෙනෙක් මේ ලයිට් ගැන හොයන්නේ.


ඕනේනම් ගිහින් බලන්න.

No comments: