Monday, August 17, 2009

ලෝකයේ වේගවත්ම මිනිසා.......

අද උදේ පාන්දරම නිවුස් වලට කියපු කථාවක් මේ දැන් එක පාරටම මතක් උන නිසා මට හිතුනා මේ ගැන ඔය ගොල්ලන්ටත් ටිකක් කියන්න. නිවුස් එක තමයි මීටර් 100 තරගයේ මෙතෙක් තිබුනු වාර්තාව අභිභවා ගිහිල්ලා කියන එක. හොදම දේ තමයි ඔහු විසින් අභිභවා ගියේ ඔහු විසින්ම තබන ලද වාර්තාවක් වීමයි. ඒ අනුව ඔහු පරන වාර්තාව කඩා බිද දැමුවේ තත්පර 0.11 ක පරතරයක් තබමිනි.අපි බලමු මේ කවුද කියලා.

ඉතා කුඩා නගරයක් වන් ට්‍රෙලව්නි හි උපත ලද මොහුට සහෝදරයෙක් සහ සහොදරියක් සිටී. ප්‍රාථමික අධ්‍යාපනය සදහා පාසැලට ඇතුලත් වූ බෝල්ට් අවුරුදු 12 හිදී පාසැලේ දක්ෂතම කෙටි දුර ධාවකයා බවට පත් විය. ඔහුගේ දක්ෂතාවය හදුනාගත් අගමැති විසින් ඔහුව ක්‍රීඩා තාක්ෂන පීඨයට ඇතුලත් කල අතර ඒ වන විටත් ඇමරිකාව පුරාම ප්‍රසිද්ද් ක්‍රීඩකයකු විය. ඒ වන විට ඔහු ඇමරිකාවේ පැවති තරග කිහිපයක හා ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග වලදී හොදින් දක්ෂතා පෙන්වා පදක්කාම් බොහොමයක් දිනා ගෙන තිබිනි. අවුරුදු 15 දී අඩි 6 යි අගල් 5 ක උසක් හිමි වූ බෝල්ට් 2002 දී පැවති ලෝක කනිෂ්ඨ තරගවලියේදී මීටර් 200 සදහා හොදම කාලය වාර්තා කල ඔහු 100*4 හ 400*4 තරග වලින්ද ජයග්‍රහනය කරන ලදී. මීටර් 200 තරගය සදහා ලෝකයේ මෙතෙක් බිහි වූ ලාබාලතම රන් පදක්කම් ලාබියා වන්නේද ඔහුය.
එතැන් පටන් දිගින් දිගටම තරග ජයග්‍රහනය කල බෝල්ට් 2004 ඇතැන්ස් ඔලිම්පික් තරගයට සහභාගී වීමට නියමිතව තිබුමුත් හදිසියේ ඇති වූ පාදයේ ආබාදයක් නිසා ඔහුට එම අදහස අතහැර දැමීමට සිදු විය.නමුත් 2008 බීජින් ඔලිම්පික් හිදී මීටර් 100 , 200 ,100*4 තරග 3 ම ලෝක වාර්තා සමග රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මේ වන විට පහත දැකිවෙන තිලින ලබා ගෙනද ඇත.

Jamaica Sportsman of the Year - 2008
CAC Male Athlete of the Year - 2008
Men's Track & Field Athlete of the Year - 2008
IAAF World Athlete of the Year - 2008
Laureus World Sportsman of the Year - 2008
Men's season's best performance, 200 meters - 2008









2 comments:

චමිදේවා said...

තත්පර 11 ක් නෙමෙයි නේද? 9.69sec > 9.58sec

Unknown said...

ඕ......අප්පට සිරි. ඇත්තම නේන්නම්. වැරදියි තමා. බොහෝම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නාට.