Sunday, August 30, 2009

සුදාරකගේ කවිය සහ මම..........

ඔන්න මම ආයෙත් දුම් රියට බැස්සා. මෙච්චර දවසක් බස් එකේ ඔෆිස් ඇවිල්ලා එක පාරටම ට්‍රේන් එකේ යනකොට මරු ආතල් ඇති කියලයි හිතුවේ. අයියෝ මම මහ අපරාදයක් කර ගත්තේ කියලා හිතිච්ච වාර ගනන ගනන් කර ගන්නත් බැරි තරම්. කොහොම කොහොම හරි ඉතින් අමාරුවෙන් වැස්සේ තෙමි තෙමි ඇවිල්ලා පොර කාලා සීට් එකකුත් අල්ල ගත්තා. ඇස් දෙක පියාගෙන නිදාගන්න හැදුවත් බෑ …. බෑ…. නිදන්න දෙන්නෙම නෑ.

ඔන්න ඉතින් ඔහොම යනකොට යනකොට ඇහැට ප්‍රිය මනාප දේවල් දැක්කේ නැතුවත් නෙමෙයි. මට එක පාරටම සුදාරකගේ බස් එකේ යන ගමන් කියල ලියපු ලියමන මතක් උනා. ඉතින් මගේ ඇගේ කොහේ හරිත් ඔය කවිය කියන එක ගෑවිලාවත් තියෙනවාද කියලා බලන්නත් එක්ක කවි සන්කල්පනා පහල වේදෝ කියලා හිතුවා. හිතුවා ….හිතුවා….හිතුවා…. කොළඹ කොටුවට එනකන්ම මුකුත් නෑ. කොහොමද වැඩේ.

අනේ දෙයියන්ටවත් මම ගැන දුක හිතුනේ නැහැනේ. එක කවි පේලියක් වත් ලියා ගන්න බැරි උනානේ…. කමක් නෑ…කමක් නෑ… හිතේ අහිතක් කිලුටක් නෑ. හැකියාව කියන එක උපතින්ම එන්න ඔනේ. ඒක තමයි ලෝක ධර්මතාවය. ලොවින් එකෙක් එක් දෙයකය වෙයි සමත කියලා කියන්නේ කට කහනවට නෙමෙයි නේ…................

3 comments:

සුදු මහත්තයා said...

අඩුම තරමේ " ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ " කියන සිංදුවවත් මතක් උනේ නැද්ද ?

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

අප්පා මට නම් බස් එකේ නිකමට වත් නින්ද යන්නෙ නෑ. කොහෙද ඉතින් ඩයිවර් කාරයාගේ බ්රේක් පාරට විසි වෙලා ඉස්සරහ සීට් එකේ වදිනවනේ. අනික ඌ දාන ටකරන් සින්දු ටිකත් අහගෙන ඉන්න එපැයි. ඒකට කෝච්චියෙ අතන මෙතන නවැත්තිලි නෑ නියමිත තැන්වල විතරයි. ලොකු ගැස්සිලි පැද්දලි නෑ. විකාර සින්දු නෑ. මම සාමාන්‍යයෙන් ගෙදර යන්නෙ රුහුණු කුමාරියෙ. මරදානෙන් නැගල කොනක් අල්ල ගත්තහම මට නම් කළුතර පහුවෙනකම් කිසිම කරදරයක් නැතුව නින්ද යනව.

සම්පත් මුණසිංහ said...

ඔන්න මමත් කෝච්චියට මාරු උනා. ඒත් මේකේ එන්න ගියාම පැය ගානක් යනවා නේ. මේකට කියන්නේ බන්ගේ කියලා.....