Thursday, August 20, 2009

දිසා සිල් ගත් හැටි

අද අපි කීප දෙනෙකුට හයි ෆයි ඉන්දියානු රෙස්ටොරන්ට් එකක දවල් කෑම වේලක් ලැබුනා. ඉතින් එතනට ගිහිල්ල කන්න ඉස්සරවෙලා ටිකක් වෙලා ඉන්න වෙනවානේ?. ඉතින් ඔතනට වෙලා ඉන්නකොට ලන්ච් රෙඩි වෙනකන් ඉතින් පොඩි චැට් එකක් දැම්මා. අපිත් එක්ක ගිය මගේ ෆුල් බොක්කක් උගේ පරන මතකයක් අවදි කලා. ඒ කතාව මතක් වෙන්න හේතුව මම අන්තිමටම කියන්නම්කෝ. ඔන්න උගේ භාෂාවෙන්ම කියවන්නකෝ.

ඒ මචන් මම පොඩි කාලේ අපි කීප දෙනෙක් සිල් ගන්න ගියා. අපි ඉතින් දානේ ගේනකන් බලාගෙන හිටියේ. ඔන්න ඉතින් වෙලාවත් ඇවිල්ල දානෙ බෙදන්න පටන් ගත්තා. මුලින්ම එක්කෙනෙක් පිගන් බෙදාගෙන එනවා. ඊට පස්සෙ බත් එක අරගෙන තව එක්කෙනෙක් එනවා. ඔය විදියට පෝලිමේ කට්ටිය ඉන්නවා. සිල් ගන්න ගියත් අපේ පවු නම් හේදෙන්නෙ නැහැ කියල මගේ හිත හැම තිස්සෙම කිය කියා හිටියේ. කරුමේ කියන්නෙ, මගේ ලගටම එනකොට පිගන් ඉවර උනා නේ. ලැජ්ජාවේ බෑ. මම හෙමිහිට අනිත් පැත්ත හැරිලා මගෙත් එක්ක ගියපු අනිත් එකාට කිව්ව මචන් කමින් කලර් ඉස් නෝ ගුඩ්. දුවමුද කියලා. ඌත් ටිකක් අප්සැට් එකේ හිටියෙ සීන් එක දැකලා. අම්මට සිරි ඌ මටත් වඩා බය වෙලා. ඌ අහනවා එහෙනම් අපි දුවමුද කියලා. ආයිත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව නැගිටලා සරමත් උස්සාගෙන දුවන්න පටන් ගත්තා. බණ ගෙයින් එලියට ඇවිල්ල පොඩි දුරක් යන්න උනෙත් නෑ මෙන්න බොලේ දානේ බෙදන්න ආපු කීප දෙනෙකුත් අපේ පස්සෙන් පන්නනවා. තව ටිකක් වේගේ වැඩි කරන කොටම ඒ අය කෑ ගහනවා මෙන්න මෙහෙම.

උපාසක මහත්තයෝ …..දුවන්න එපෝ….තව පිගන් තියෙනවා…ආපහු එන්නෝ…..කියලා

මොන ලැජ්ජාවක්ද අප්පා මේ උනේ?. ආයෙත් හැරිලා එන්න බැහැ නේ?. ගෙදරම ගිහිල්ලා කනව කියලා හිතාගෙන ගෙදරම ගියා.අනිත් එක පොඩි ලයින් එකකුත් වැඩ කර කර තිබ්බේ. ඒකත් ඉතින් එතනින්ම ඉවරයි.

මේ කථාව කියන්න වුනු හේතුව දැන් නම් තේරිලත් ඇති. මෙන්න මේකයි උනේ. අපි දෙන්න හිටියේ මේසේ අන්තිම කෙලවරේ. අදත් පිගන් බෙදාගෙන බෙදාගෙන අවිල්ල අපි දෙන්න ගාවට එනකොටම ගෙනාපු පිගන් ඉවර උනා. කතාව ඉවර වෙනකොටම අපිට පිගන් ගෙනල්ල තිබ්බා. නැතිනම් මටත් ඌත් එක්ක දුවන්න තමයි වෙන්නේ……..

2 comments:

ඉන්දික said...

thawa liyanna..

Unknown said...

බොහෝම ස්තුතියි.....