Sunday, August 30, 2009

දුක හිතෙන කතාවක්……………

ඇත්තටම මේක වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. මේක ගැන හැමෝටම කියන්න කියලා හිතුනා. මොකද මේකෙන් අපිටත් ගන්න පුලුවන් දේවල් තියෙන නිසා. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම දැන් ඉන්නේ ඉතාලියේ. අපි ඒ දෙන්නාට කියමු සමීර සහ ක්‍රිෂාන්ති කියලා. ඒ දෙන්නාම ඉතාලියට ගිහින් රැකියාවක් කරමින් හිටියා. ක්‍රිෂාන්තිගේ අම්මත් තාත්තත් ගෙදර තනියම හිටියේ. දරුවන් ටිකක් හරි ඈත් උනාම දෙමව්පියන්ට සෑහෙන්න දුකක්, තනිකමක් , පාලුවක් දැනෙනවා නේ. මේ දෙන්නටත් මේක හොදින්ම දැනුනා. තාත්තට නම් ටිකක් මේක තදින්ම දැනුනා. මේ ගැන කල්පනා කරන්න කරන්න ඔහු දවසින් දවස දුර්වල වෙන්න පටන් ගත්තා. බෙහෙත් කොච්චර ගත්තත් මේක වලක්වාගන්න ටිකක් අමාරු වුනා. මේ ගැන නිකම්වත් පිට රට ඉන්න තම දරුවන්ට නොකියන්නට ඔවුන් දෙදෙනාම තීරනය කර තිබුනා. මොකද එහෙම කලොත් ඒක ඔවුන්ගේ ජීවිත වලට තදින්ම බලපාන බව ඔවුන් දැන හිටියා. දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන රට ගොස් සිටින තම දරුවන්ට තමන්ගේ දුකද කියා තවත් කරදර කිරීමට ඔවුන් මැලි කමක් දැක් වූවා.

මේ අතර නිතරම තම නිවසට දුරකථනයෙන් කත කරන ක්‍රිශාන්තීට නිවසේ තමාට නොකියනා යම් දෙයක් ඇති බව ඉවෙන් මෙන් වැටහුනා. අවසානයේදී කෙසේ හෝ අය සියලු දේ දැනගන්නවා. ඒ අනුව ඇයහ් හැකි ඉක්මනින් යලි නිවසට පැමිනීමට තීරනය කරනවා. දින දෙකක් යාමටත් පෙර ඇය නිවසට පැමිනෙන්නේ තම පියා ළගටම වී සිට යලිත් ඔහුව සනීප කර ගැනීමටයි. නිවසට පැමිනි මුල් දිනයේම සියලු අමාරුකම් අමතක කර ඇදට වී සිහි කල්පනාවකින් තොරව සිටි තම පියාව නාවා , සෝදා පවිත්‍ර කොට කවන්නට උත්සාහ කලද ඔහුට කෑමක් බීමක් ගැන වත් සිතන්නට තරම් හැකියාවක් නොමැති තරමටම ඔත්පලව සිටීය. ඒ අනුව නහයෙන් බටයක් ඇතුලත් කොට ආහාර ලබා දීමටද ඇය විසින් කටයුතු කලාය.

කටයුතු මෙසේ වෙද්දී සමීරගේ පියා ඇයව බැලීමට ඇයගේ නිවසට පැමිනීමට සූදානම් වූවේය. බස් එකක් අල්ල ගැනීමට පාරට පැමිනීමට තරමක් දුර වුවත් ත්‍රී වීලයක් සොය ගැනීමට නොහැකි වූ නිසා ප්යින්ම පැමිනීමට තීරනය කොට පැමිනීමට හැකි වූයේ මඩ දුරකි. ඵපුවේ කැක්කුමක් නිස ක්ලාන්තව බිම ඇද වැටිනි. විනාඩි 45ක් ගත වූවත් ඒ අසලින් ගිය එකෙකුවත් මේ ගැන සැලකිලිමත් වූයේ නැත්තේ ඇයුදැයි මටඩ පෘශ්නයකි. විනාඩි 45 කට පසුව රෝහල් ගත වන විටද වෙන්න තිබු ඩේ වී හමාරය. ඔහු මෙලොව හැර ගොස් තිබිනි.

මේ බව ඉතාලියේ සිටි සමීරට දන්වන්න ගිය වෙලාවේදී ඔහු මේ බව විෂ්වාස කලේම නැත. තම මාමන්ඩියගේ දුක සැප බලා ගැනීමට තම බිරිද ලන්කාවට එවූ ඔහුටද දින 5ක් ගත වීමටද මත්තෙන් ලන්කාවට පැමිනීමට සිදු වී ඇත. ඒ තම පියාගේ මල ගමට සහභාගී වීමටය.

මට හැගෙන ආකාරයට මෙමගින් අප හට උකහා ගත හැක්කේ මෙයයි. ඔබට ජීවිතය ලබා දී ජීවිතය හරි ගස්වා හරි මග කියා දුන් ඔබගේ මවට පියාට ඔබට හැකි උපරිමයෙන් උපකාර කරන්න. ඔවුන්ගේ අවසාන කාලයේ උපරිම සතුටෙන් තැබීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමට උත්සාහ කරන්න. ඔබට මෙලොවදීත් පරලොවට්දීත් සැප විදීමට මෙය හේතු සාධක වනු ඇත.

4 comments:

Siribiris said...

මොනවා හරි කියන්න, කියුවනෙ, ඕං එහෙනන් කිව්වා ආයිබෝං . කතා නං හොඳා, හැබයි පහල තියන, තොරණ තමා නරක. මම පත්තරකින් මොනිටරේ පහල වහලයි, කතාව බෑලුවෙ. ඒකට මොකක් හරි පිලියමක් කොලොත් හොදා.

Anonymous said...

ඒක නම් ඇත්ත.. දෙයක් උනාට පස්සේ පසු තැවිලා වැඩක් නෑ...

Isuru Wijesinghe said...

හ්ම්ම්ම් ගන්න ආදර්ශනම් ගොඩක් තියෙනවා.

දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම්. ( අදමයි මෙතනට ආවේ. :D )

Unknown said...

ප්‍රතිචාර වලට බොහොම ස්තුති වේවා. ඔන්න මම යටින් තියෙන තොරණ ගැලෙව්වා.